ප්‍රබල අපරාධ වලට සම්බන්ධ යුවළක් අත් අඩංගුවට

Share Button

කොල්ලකෑම් සහ මිනිස් ඝාතන සිදු කිරීමට තැත් කිරීමේ සිද්ධීන් රැසකට අවශ්‍යව සිටි සැකකාරියක් සහ සැකකරුවෙකු ඊයේ (22) සවස පෑලියගොඩ දිසා අපරාධ කොට්ටාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් 2018.11.27 වැනිදා ජාඇල දී ගිනි අවියකින් වෙඩි තබා රන් භාණ්ඩ වෙළඳසැලක් කොල්ලකෑම හා 2018.12.28 වැනිදා කෙසෙල්වත්ත අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ භූමිය ඉදිරිපිට දී වැල්ලේ සාරංග නැමැති පුද්ගලයෙකුට වෙඩි තබා මනූෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි දෙදෙනෙකු බව පෑලියගොඩ පොලිසිය පවසයි .

අදාළ සැකකරු ප්‍රබල ඝණයේ අපරාධකරුවෙකු වන වැල්ලේ සුරංගගේ හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධානතම ගෝලයා බවට පොලීසිය විසින් මේවන විට තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.

එමෙන්ම ඔහු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 220 ක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (23) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *