ලිංගික උත්තේජන ඖෂධ තොගයක් සහ සිරුරු ආලේපන තොගයක් රේගු භාරයට

Share Button

ලිංගික උත්තේජන ඖෂධ තොගයක් සහ තවත් සිරුරු ආලේපන තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ දී ඊයේ (23) සවස රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා ලිංගික උත්තේජන ඖෂධ (වියාග්‍රා , වයිමැක්ස් , මැක්ස් මැකස් ) විශාල තොගයක් ද , කාන්තාවන් තම සිරුරු වල රාත්‍රී කාලයේ ආලේප කරන ආලේපන විශාල ප්‍රමාණයක් ද සොයා ගෙන ඇත.

අත් අඩංගුවට පත්  පුද්ගලයා අවුරුදු 62 ක් වයැසැති ගම්පහ , උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *