ජලාශ්‍ර කීපයක ජල මට්ටම් පහළට

Share Button

මධ්‍යම කඳුකරයට දින ගණනාවක සිට බලපා ඇති වියළි කාළගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ්‍ර කීපයක ජල මට්ටම මේ වන විට සීඝ්‍රයෙන් පහළ බැස තිබේ.

ඒ අනුව අද (24) පෙ.ව. 06.00 වන විට මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට පිළිවෙලින් අඩි 27 ක් හා 20 ක් වශයෙන් පහළ බැස ඇත.

පවතින කාළගුණ තත්ත්වය සහ පෝෂක ප්‍රදේශවල පිහිටි රක්ෂිත සහ ලඳු කැළෑ වලට ඇතැම් පිරිස් ගිනි තැබීම වැනි ක්‍රියාවලි  මෙලෙස ජල මූලාශ්‍ර සිඳී යෑමට ප්‍රබල හේතු සාධක වී තිබේ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *