බ්‍රසිලයේ වේල්ලක් බිදියාමෙන් සිදුවු මරණ සංඛ්‍යාව 40 දක්වා ඉහලට

Share Button

බ්‍රසීලයේ යපස් පතලක් ආශ්‍රිත වේල්ලක් බිඳී යාමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 40 ක් බව නවතම වාර්තා සඳහන් කරයි. අතුරුදන්ව සිටින තවත් දෙසිය පණස් දෙනෙකු සෙවීම සඳහා සෝදිසි මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මකයි. මෙම මෙහෙයුම්වලට සම්බන්ධවීම සඳහා විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන් ඇතුඑ හමුදා සාමාජිකයන් 130 දෙනෙකු බ්‍රසීලයට පිටත් කර හැරීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ.

වේල්ල බිඳීයාම හේතුවෙන් අවට පරිපාලන ගොඩනැගිලි. නිවාස හා මෝටර් රථ රැසක් ජලයෙන් හා මඩවලින් යටවී ඇති බැවින් සෝදිසි මෙහෙයුම් සති කිහිපයක් පුරා පැවතිය හැකි බවට අපේක්ෂා කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *