සේනා දලඹු මර්දනය පිළිබඳ සතිපතා අගමැතිට වාර්තාවක්

Share Button

සේනා දළඹුවා මර්දනය කිරීම සහ ගොවීන්ට වන්දි ලබාදීමේ ප්‍රගතිය පිළිබදව සතිපතා ලිඛිත වාර්තාවක් තමාට ලබාදෙන්නැයි  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාට උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම අගමැතිවරයා මෙම කටයුතු සදහා කඩිනමින් මුදල් වෙන් කරන්නැයි මුදල් අමාත්‍යංශයටද උපදෙස් ලබා දී ඇත.

දලඹුවා මර්දනය කිරීම සදහා රසායනික ද්‍රව්‍ය පහක් වෙළෙඳපොලට හදුන්වාදී තිබේ. එහෙත් ස්වභාවික ක්‍රමවේද අනුගමනය කරන්නේ නම් එය ජනතාවගේ සෞඛ්‍යයට ද හිතකර වන බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

මේ වනවිට දලඹුවා මර්දනය කිරීමට රජය කිසිදු පියවරක් ගෙන නැතැයි චෝදනාව අමාත්‍යවරයා විසින් තරයේ ප්‍රතික්ෂේප කරන අතර මෙම උවදුර මැඬලීමට හැකි සෑම පියවරක්ම ඉතාමත් උචිත ලෙස ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් ලදි.

ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා  සන්නිවේදන මධ්‍යස්ථානයේ කෘෂි නිලධාරීන් සහ  කෘෂිකර්ම අමාත්‍යවරයා  අතර පැවති  සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11