මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් පුනරුත්ථාපනය කිරීමේ නව අධිකාරියක් – ඊට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය හෙට අමාත්‍ය මණ්ඩල රැස්වීමට

Share Button

යල්පැන ගිය අණපනත් සංශෝධනය කර මතින් තොර රටක් නිර්මාණය කිරීමේ අභියෝගය සාර්ථකව ජය ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියයි. රාජ්‍ය නායකයා ලෙස ඒ සදහා තමාගෙන් ලැබිය යුතු දායකත්වය උපරිමයෙන් ලබාදෙන බවට එතුමා සහතික වෙයි. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ අද පෙරවරුවේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල සදහා කැපවු පොලිස් නිලධාරින් ඇගයීමේ ජනාධිපති සම්මාන උළෙලට එක්වෙමින් ජනාධිපතිතුමා එම කරුණු සදහන් කළේය. මතින් තොර දේශයක් ගොඩනැංවීම සදහා තම පෞද්ගලික ජිවිතය ද නොතකා සේවයට කැපවන පොලිස් නිලධාරින්ට ජනාධිපතිතුමා එහිදී සිය කෘතඥතාව පළ කළේය. වසර 152 ක් සපුරන පොලිස් දෙපාර්තමේන්තුව නව ලෝකයට ගැලපෙන හා ජනතා ගෞවරයට පාත්‍රවු සේවයක් බවට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බව ජනාධිපතිතුමා සදහන් කළේය.

මත්ද්‍රව්‍ය නිවාරණය සහ පාලනය වෙනුවෙන් සුවිශේෂි දායකත්වයක් ලබාදුන් පොලිස් නිලධාරීහු 1132 දෙනෙක් මෙහිදී සම්මාන ලැබුහ. මෙහිදී අදහස් දැක්වු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා මෙරට මත්ද්‍රව්‍ය ව්‍යසනය තුරන් කිරීම සදහා විදේශ රටවල් අනුගමනය කරන ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම ප්‍රශස්ථ ක්‍රියාවක් බව කීවේය. පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාද මෙහිදී අදහස් දැක්වීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *