එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ක්ෂේත්‍ර රැසකට සහන ණය

Share Button

ගොවියා රජ කරවිමේ සැබෑ වැඩපිළිවෙල එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා යටතේ දැන් ආරම්භ වී ඇතැයි ඇමති මංගල සමරවීර මහතා කියයි. මෙම සහන ණය යෝජනා ක්‍රමයෙන් ගොවි ජනතාව පමණක් නොව ක්ෂේත්‍ර රැසක පිරිසක් ව්‍යවසයකත්වය කරා ප්‍රවිෂ්ඨ කරවිමේ අවස්ථාව උදාකර දී ඇතැයි ඒ මහතා කියයි.

එන්ටර්ප්‍රයිස ශ්‍රි ලංකා ගොවි සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ කිරිමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව කීවේය. එය ඊයේ දඹුල්ල පිරිවෙන වැව භූමියේදි පැවැත්වුනි. මෙම ගොවි සහන ණය යෝජනා ක්‍රමය මගින් රුපියල් ලක්ෂ 7500 ක් දක්වා විවිධ මට්ටමේ ණය ලබාදෙනු ලැබේ. පොලිය සාමාන්‍ය පොලී අනුපාතයෙන් අඩකි. උපාධිධාරින්ට ණය ලබා දෙන්නේ පොලි අයකිරීමකින් තොරවය.

මීට පෙර ක්‍රියාත්මක වු ණය යෝජනා ක්‍රමවලට අමතරව නව ණය වර්ග කිහිපයක් අලුතින් හඳුන්වාදී ඇත. විදේශගත ශ්‍රි ලාංකීකයන්ට තමන්ගේම නිවසක් සාදාගැනිම සඳහා රුපියල් ලක්ෂ 100 උපරිම ණය මුදලක් ලබාදීම එක් යෝජනා ක්‍රමයකි. පවතින පොලි අනුපාතයෙන් සියයට 50 ක් යටතේ අදාල ණය මුදල දෙන්නේ ණය ගෙවීමේ වසර සහන කාලයක් ද සමගිනි.

මීට අමතරව පෞද්ගලික අංශයට සුඛෝපභෝගි බස් රථ ආනයනය සඳහා මෙන්ම ත්‍රිරෝද රථවලින් කුඩා මොටර් රථවලට මාරුවන පිරිසකට සහන ලබාදිමට ද ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මකයි. ගොවිජනතාවට සංකේතවත්ව සහන ණය ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුකෙරුණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *