සමාජ ව්‍යවසායකින් සඳහා ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඇරඹේ

Share Button

සමාජ ව්‍යවසාය හා සමාජ මූල්‍ය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් ඊයේ ( 28) ආරම්භ විය.

බත්තරමුල්ල වෝටර් එජ් (waters edge) හෝටලයේ දී මෙම සමුළුව ආරම්භ වූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාය .

වෙළඳපොළ පදනම් කරගත් නව උත්පාදන හරහා සමාජයීය හා පාරිසරික ගැටළු විසඳීම හා සමාජ ව්‍යවසායකයින් දිරිමත් කිරීම මෙහි අරමුණයි.

මෙම අරමුණ ඉටු කර ගැනීමට ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා පුළුල් වැඩපිළිවෙළක් සකස් විය යුතු බව ආරාධිත දේශණය පවත්වමින් මහ බැංකු අධිපතිවරයා  සඳහන් කළේය.

එමෙන්ම  මූල්‍ය සේවා තාක්ෂණය සහ ව්‍යාපාරික ආධාර සේවා ප්‍රවර්ධනය කරමින් මෙම අංශයේ සංවර්ධනයට දායක විය හැකි බව ද  ඔහු වැඩිදුරටත් පැවසීය.

Lanka social ventures ආයතනය හා British Council ආයතනය , කර්මාන්ත හා වාණිජ කටයුතු ආමාත්‍යාංශය එක්ව මෙය සංවිධානය කර තිබුණි.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *