කන්දල්කාඩු ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්තාවය පිළිබඳව පරීක්‍ෂණ

Share Button

කින්නියා කන්දල්කාඩු ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්තාවය සම්බන්ධයෙන් නාවික හමුදාව විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ. ඒ අතරම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකරයි.

නිති විරෝධි වැලි ගොඩදැමීම් වැටලීමට ගිය අවස්ථාවේ නාවික හමුදාව ජාවාරම්කරුවන් සහ ගම්වාසින් අතර නොසන්සුතාවක් ඇතිවුණි. මෙහිදී ප්‍රදේශවාසින් ඉතා ප්‍රකෝපකාරීව නාවික හමුදා සෙබලුන්ට පහරදී ඇත. මෙහිදී ගගට පැන තිබු දෙදෙනෙකු අතරින් එක් අයෙකුගේ සිරුරක් පෙරේදා ( 29 ) සොයා ගැණුනි.

වැලි ගොඩදැමීම පාලනය කිරීමට කෙටුම්පතක් සකස් කර දැන් පරිසර අධිකාරියට භාරදී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගංගාධාර කළමානකරණ අධ්‍යක්‍ෂ ජානකී මීගස්තැන්න මහත්මිය පවසයි. ඒ අනුව ඉදිරියේදී වැලි ගොඩදැමීම පාලනය කිරීමට මෙන්ම වැලි ගොඩදැමීමට සුදුසු ස්ථාන හදුනාගත හැක.

වැලි ගොඩදැමීම නිසා ගංගා ජල මට්ටම සිග්‍රලෙස පහල ගොස් තිබේ. මේ නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුවද ගැටඵ රැසකට මුහුණ දී සිටින බව ඇය කියයි. ඇතැම් ජලාශවලට මුහුදු ජලය එක්වීම නිසා ලවන බාධක බැමි යෙදීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇත.

ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව අනවසරයෙන් වැලි ගොඩදමන පිරිස් අත්අඩංගුවට ගැනීමට අඛණ්ඩව වැටලීම් සිදුකරන බව භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසයි. එහිදී ප්‍රමුඛ කාර්‍යයක් නාවික හමුදාවට පැවරී ඇත.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10