නවසීලන්තය හමුවේ සිව් වන එක්දින තරගයේ දී ඉන්දියාවට දරුණු පරාජයක්

Share Button

ඉන්දියාවත් නවසීලන්තයත් අතර අද හැමිල්ටන් හි පැවති සිව් වන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරිමට නවසිීලන්තය සමත් විය. ඉන්දීය පිල ඕවර් 30 යි පන්දු 5 කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 92 ක් පමණි. ඔවුන්ගේ කඩුලු 8 ක් ලකුණු 55 කට බිඳවැටුනි. ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 5 ක් බිඳහෙලීය. මෙම තරගයේ දී නිත්‍ය නායක විරාත් කෝලි විවේක ගන්වා තිබුණි. අනතුරුව ලකුණු 93 ක ජයග්‍රාහී ඉලක්කය ඕවර් 15 කදී රැස් කිරීමට නවසීලන්ත ක්‍රිීඩකයෝ සමත් වුහ. මෙය ඉන්දීය කණ්ඩායමේ නායකයා වු රෝහිත් ෂර්මා සහභාගි වු 200 වන එක්දින තරගය විය. තරග 5 කින් යුත් එක්දින තරගාවලියේ මේ වනවිට 3 ට 1 ක් ලෙස ඉන්දියාව ඉදිරියෙන් සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *