වෙනස් වන ලෝකයට අනුව රටක ව්‍යවස්ථාව වෙනස් විය යුතු යැයි නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පෙන්වා දෙයි

Share Button

වෙනස් වන ලෝකයට අනුව රටක ව්‍යවස්ථාව වෙනස් විය යුතු බව නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා අවධාරණය කරයි. දැන් මෙරට ක්‍රියාත්මක වන්නේ වසර 40 ක් පැරණි ව්‍යවස්ථාවකි. එය 1987 දී මෙන්ම මීට වසර කිහිපයකට පෙර 19 වන සංශෝධනය මගින් සංශෝධනය කෙරුණි. 1987 දී මෙම ව්‍යවස්ථාවෙන් එක්සත් ජාතික පක්ෂය රට බෙදනවා යැයි කියු ඇතැම් පිරිස් වත්මන් රජයේ ප්‍රධාන අමාත්‍ය ධුර පවා ලබා ගෙන ඇතැයි ඔහු පෙන්වා දෙයි. ඒ කවර අවස්ථාවක හෝ රට බෙදුනේ ද නැත. රට බෙදීමට කිසියම් පක්ෂයක් උත්සාහ කරයි නම් එම පක්ෂයේ ද අවසානය එය බව ඔහු කියා සිටී. ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට එක් වෙමින් අදහස් දැක්වු ගුණවර්ධන මහතා
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුවට තනිව කළ නොහැක. ඊට විපක්ෂයේ ද සහාය ලැබිය යුතුය. 1994 දී මහාචාර්ය ජී එල් පිීරිස් මහතා ඉදිරිපත් කළ ව්‍යවස්ථා කෙටුම්පතින් රට බෙදීමට ලක් වන බව බොහෝ දෙනෙක් චෝදනා කළහ. තමාගේ රට බෙදා වෙන් කිරීමට කිසිදු රාජ්‍යයක් ක්‍රියා නොකරන බව ඔහු අවධාරණය කළේය. ව්‍යවස්ථාව යනු රාජ්‍ය හා මහජනතාව අතර ඇති සම්මුතියයි. රටේ පාලනය සිදු වන්නේ එයිනි. ඊට විරුද්ධව කිසිවෙකුට හෝ ක්‍රියා කළ නොහැක. ඊට උදාහරණ ඉකුත් මාස කිහිපයේ දී දැක ගැනීමට හැකිවු බව ගුණවර්ධන මහතා කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *