ඇමරිකානු බියක් රටේ ඇති කිරිමට උත්සාහ කරන පිරිස් ඇමරිකානු පුරවැසි භාවය තිබෙන අයෙකු රටේ ජනාධිපති කිරීමට උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා පවසයි.

Share Button

ශ්‍රිී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු හෙට අනුරාධපුරයෙන් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි. ඉදිරි මැතිවරණවල දී ශ්‍රිී ලංකා නිදහස් පක්ෂයට බලය ලබා ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාන්විතය දියත් කෙරේ. මෙම පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලින් පසු කිසි විටකත් වෙනත් පක්ෂයකට ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙන බවද ඔහු කීවේය. ඒ අනුව ශ්‍රිී ලංකා නිදහස් පක්ෂයේ මීළග ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනාධිපතිවරයා බවද ඔහු කියා සිටී. මෙරටේ හමුදා කඳවුරක් පිහිටුවීමට ඇමරිකාවට කිසිදු අවශ්‍යතාවක් නොමැත. ඇතැම් පිරිස් අනවශ්‍ය බියක් රට තුල ඇති කිරීමට ක්‍රියා කරන බව ඔහු පෙන්වා දෙයි. එවැනි භීතියක් ඇති කිරීමට උත්සාහ කරන පුද්ගලයන් ඇමරිකාවේ පුරවැසි භාවය තිබෙන අයකු රටේ ජනාධිපතිවරයා බවට පත් කිරීමට උත්සාහ කරන බවද දිසානායක මහතා සදහන් කළේය. පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් අයගේ මන්ත්‍රි ධුරය බේරා දීමට අනුකම්පා සහගතව උදව් කළේ ශ්‍රීි ලංකා නිදහස් පක්ෂය බව ඔහු පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10