හිටපු අගවිනිසුරුගේ පෙත්සම ප‍්‍රතික්ෂේප කෙරේ

Share Button

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතට එරෙහිව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප‍්‍රභා කර තිබෙනවා. මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරව ප‍්‍රතික්ශේප කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ.

පසුගිය මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු අදාළ පනත සම්මත කරගත් ආකාරය නීති විරෝධී බවයි මුලික අයිතිවාසිකම් පෙත්සමේ ඇතුළත්ව තිබුනේ. එම පනත ජනමත විචාරණයකට ඉදිරිපත් නොකර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයකින් සම්මත කිරීම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව අදාළ පෙත්සමේ තවදුරටත් ඇතුළත්. වග උත්තරකරුවන් ලෙස කථානායකවරයා, මැතිවරණ කොමසාරිස්වරයා සහ නීතිපතිවරයා නම්කර තිබුණා.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *