ලෝකයේ බොහෝ ප්‍රදේශවලට එකීනෙකට වෙනස්වු අහිතකර කාලගුණ තත්ත්ව

Share Button

මෙම මාසයේදී ලෝකයේ බොහෝ ප්‍රදේශවලට දැඩි ශිතල අහිතකර කාලගුණ තත්ත්වයක් බලපා තිබෙන බව ලෝක කාලගුණ සංවිධානය සදහන් කරයි. මින් බලවත්ම හානිය සිදුව ඇත්තේ උතුරු ඇමෙරිකාවට සහ කැනඩාවටය. එම රටවල උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘන 49 කට වඩා අඩුය. ප්‍රධාන ගංගා සියල්ලක්ම අයිස් බවට පත්වී ඇති අතර නිරන්තරයෙන් හමායන ශිත සුළං කුනාටු හේතුවෙන් තත්ත්වය තවත් බරපතලවී තිබේ.

එම රටවලට අමතරව දකුණු ඇමෙරිකාව. යුරෝපයේ ඇල්ෆ්ස් කඳු සහ හිමාලයේ එවරට්ස් ඇතුඵ කඳුවලට දැඩි හිම තත්ත්වයක් බලපා ඇත. ඔස්ට්‍රෙිලියාවේ පෙන්නුම් කරන්නේ ඊට වෙනස්වු තත්ත්වයක් වන අතර එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් තිබේ. මේ නිසා දැඩි නියං තත්ත්වයක් බලපා ඇත. ඒ අතරම සෞදි අරාබියේ ප්‍රදේශ රැසකට ඉකුත් සතියපුරා ඇදැහැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇතිවු ගංවතුරෙන් පුද්ගලයෝ 12 දෙනෙක් ජිවිතක්ෂයට පත්වුහ. ගංවතුර තත්ත්වය කාන්තාර ප්‍රදේශවලට ද බලපා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *