රටේ ණය ස්ථාවරභාවය ඇති කිරීමට රජය සමත් වී ඇතැයි අගමැතිතුමා කියයි

Share Button

කැබිනට් මණ්ඩලයේ ධුර සංඛ්‍යාව ඉහල නැංවිම සදහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මේ පිලිබදව අදහස් දක්වන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසන්නේ . රටතුල දේශපාලන ස්ථාවරත්වය ඇතිකිරිමට ජාතික ආණ්ඩුවක් පිහිටුවිම අත්‍යාවශ්‍ය බවයි. මේ අතර ජාතික ආණ්ඩුවක් සදහා වන යෝජනාව කථානායකවරයාට යොමුකර තිබේ. එලඹෙන පාර්ළිමේන්තුවට එය ඉදිරිපත් කෙරේ.

ගම්පෙරලිය වැඩසටහන අනාගත ජයග්‍රහණයේ පෙරනිමිත්තක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2019 වර්ෂය සදහා එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා වැඩසටහන සහ ගම්පෙරලිය වැඩසටහන හදුන්වා දිමේ උත්සවයට අරලියගහ මන්දිරයේදි ඊයේ එක්වෙමින් හෙතෙම මේ බව පැවසිය. විදේශ ණය නිසිලෙස ගෙවමින් මේ වන විට ණය ස්ථාවරභාවයක් ද රටතුල ඇතිකර ඇතැයි අග්‍රාමාත්‍යවරයා සදහන් කලේය.

මෙහිදි අදහස් දැක්වු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා ප්‍රකාශ කලේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා රජයේ පොලි සහනාධාර ණය යෝජනා වැඩසටහන යටතේ ගම්පෙරලිය සංවර්ධන සංග්‍රාමය තුලින් ශ්‍රි ලංකාව ව්‍යවසායකයින්ගේ පාරාදීසයක් බවට පත්කිරිම වත්මන් රජයේ අපේක්ෂාව බවයි.

අගමැතිතුමා කළ සම්පුර්ණ කථාව මෙම ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව සිංහල ස්වදේශිය සේවය සහ සියඵම ප්‍රාදේශීය සේවා ඔස්සේ විකාශය කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *