කඩිනමින් ජනාධිපතිවරණයක් කැදවන ලෙස යුරෝපා රටවල් කළ ඉල්ලීම වෙනිසියුලානු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරයි

Share Button

කඩිනමින් ජනාධිපතිවරණයක් කැදවන ලෙස යුරෝපා රටවල් කළ ඉල්ලීම වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ මහතා ප්‍රතික්ෂේප කරයි. ස්පාඤ්ඤ රූපවාහිනි ආයතනයක් සමග පැවති සාකච්ඡාවකදී මදුරෝ මහතා සදහන් කළේ වෙනිසියුලාවට එක් ජනාධිපතිවරයෙකු පමණක් සිටිය යුතු බවයි. ඉකුත් මැයි මාසයේ නිල වශයෙන් ඡන්ද විමසීමක් පැවැත්වු බැවින් යලි මැතිවරණයකට යාම අවශ්‍ය නොවන බවද හෙතෙම පැවසීය. විරුද්ධ පක්ෂ නායක ගුවයිඩෝ මහතා විදේශ බලවේග වල හස්තයක් බවට පත්වී ඇති බවත් ඔහු රට විනාශ කිරීම වහාම නතර කළ යුතු බවත් ජනාධිපතිවරයා සදහන් කරයි. මේ අතර ගුවයිඩෝ මහතා ලබන 12 වැනිදා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *