නිදහස වඩාත් අර්ථවත් කර ගැනීම සඳහා ක්‍රමවත් සැලැස්මක් අවශ්‍යයි – අගමැති

Share Button

නිදහස වඩාත් අර්ථවත් වීමට නම් යම් දේශයක ජන සමාජයක මනුෂ්‍යයා මෙන්ම සමස්ත පරිසරය ,ආර්ථික ,සමාජ ,දේශපාලන මෙන්ම අධ්‍යාත්මික සංහිඳියාව අත් කර ගත් යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

එය හුදෙක් සැමරුමකින් පමණක් දිනාගත නොහැකි බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ සදහා ක්‍රමවත් සැලැස්මක් සහ සාමූහික කැප කිරීමක් අත්‍යවශ්‍ය බව ජාතික දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් වික්‍රමසිංහ මහතා කියා සිටී.

යහපාලන රජය බලයට පත්වීමෙන් පසු විවිධ බාධා සහ අභියෝග මැද නව සමාජ දේශපාලන සංස්කෘතියක් ඇති කිරිමට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සදහා යම් පියවර ගැනීමට හැකි වූ බවත් , එහි යහපත් ප්‍රතිඵල  වර්තමානය වන විට සියළු දෙනා අත්දකිමින් සිටින බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *