නව නායකයෙකු සමග ශ්‍රි ලංකා ක්‍රිකට් පිලේ දකුණු අප්‍රිකානු සංචාරය හෙට ඇරඹෙයි

Share Button

ශ්‍රි ලංකා පිලේ දකුනු අප්‍රිකානු සංචාරය සඳහා 17 දෙනෙකුගෙන් යුත් ක්‍රිකට් සංචිතය නම් කෙරේ. නායකයා දිමුත් කරුණාරත්නය. උප නායකයා ලෙස නිරෝෂන් දික්වැල්ල ක්‍රියා කරයි. ලහිරු තිරිමාන්න. කෞෂාල් සිල්වා. කුසල් මෙන්ඩිස් කුසල් ජනිත් පෙරේරා. මිලින්ද සිරිවර්ධන. ධනංජය ද සිල්වා. ඕෂධ ප්‍රනාන්දු. ඇන්ජලෝ පෙරේරා. පිතිකරුවෝ වෙති. සුරංග ලක්මාල්. කසුන් රාජිත. විශ්ව ප්‍රනාන්දු. චාමික කරුණාරත්න. මොහොමඩ් ශිරාස්. වේගපන්දු යවන්නෝ ලෙස ක්‍රියා කරති. ලක්ෂාන් සඳකැන්. ලසිත් ඇඹුල්දෙණිය දග පන්දු යවන්නෝය. දිල්රුවන් පෙරේරාට කණඩායමේ ස්ථානය අහිමිවී තිබේ. එමෙන්ම ශ්‍රි ලංකාවේ සුපිරිතම පිතිකරුවා වන කුසල් මෙන්ඩිස්ට තවත් අවස්ථාවක් ලැබි තිබේ. මෙම කණඩායම සඳහා ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අනුමැතිය ලබාදි තිබේ. ශ්‍රි ලංකා පිල හෙට දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතයි. තරගාවලිය නිමා වන්නේ මාර්තු 24 වැනිදායි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *