ප්‍රංශයේ ගොඩනැගිල්ලක ගින්නකින් දස දෙනෙක් මිය යති

Share Button

ප්‍රංශයේ පැරිසියට ආසන්න නගරයක ගොඩනැගිල්ලක ඇතිවු ගින්නකින් පුද්ගලයෝ දහදෙනෙක් මියයති. කුඩා බිළිදෙකුද ඒ අතර වෙයි.තවත් තිස්දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. ගින්න මැඩලිමට ගිය ගිනි නිවන භටයින් හයදෙනෙකු ද දැඩිලෙස තුවාල ලබා ඇත. බේරාගැනිමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් සැක කෙරෙන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. මහල් 8 ක ගොඩනැගිල්ලක් මෙසේ ගිනිගැනිමට ලක්වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *