ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතාගේ සේවා කාලය දීර්ඝ කෙරේ

Share Button

ඊයේ (05) විශ්‍රාම යාමට නියමිතව තිබූ පොලිස් විශේෂ කාර්යය බලකාය බාර අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා මහතාට සේවා දිගුවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඊට අදාළ යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

වසර 40 ක සේවා කාලය තුළ විවිධ තනතුරු රැසක් හෙබවු එම මහතා 2016 වසරේ අගෝස්තු මස  19 වන දින මෙරට 11 වන පොලිස් විශේෂ කාර්යය බලකාය බාර අණදෙන නිලධාරියා ලෙස වැඩ භාරගනු ලැබීය.

වර්ෂ 1979 ජනවාරි මස 15 වන දින උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක් වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරම්භක සාමාජිකයෙකු වෙයි.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *