ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව හෙට පාර්ලිමේන්තුවට. ජාතික ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ස්ථාවර ආණ්ඩුවක් සමග රට ඉදිරියට ගෙනයාමට බව එක්සත් ජාතික පක්ෂය පවසයි

Share Button

 

ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. ඒ පිළිබඳ ඡන්ද විමසිමක් ද පැවැත්වේ.

ජාතික ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ අමාත්‍ය ධුර වැඩි කරමින් අමාත්‍යවරුන් සතුටට පත් කිරීමට නොව ස්ථාවර ශක්තිමත් ආණ්ඩුවක් සමග රට ඉදිරියට ගෙනයාමට බව පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පවසයි. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවසීය. ජාතික ආණ්ඩුව සදහා එක්සත් ජාතික පෙරමුණ. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් එක්වන බව මන්ත්‍රිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් විවිධ කථාබහ ඇති වුවද මේ වනතුරු ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ ඉදිරිපත් කර නොමැති බවද මන්ත්‍රිවරයා සදහන් කළේය. ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන විශේෂඥ කමිටු වාර්තා ඉදිරිපත්ව තිබේ. ඒ පිළිබඳව සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව මන්ත්‍රිවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *