ශ්‍රී ලංකාවේ සංවර්ධනයට චීනයේ සහය

Share Button

ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙල සදහා චීන රජය නිරන්තර සහයෝගය ලබාදෙන බවත් , දෙරට අතර අනෝන්‍ය වශයෙන් සහයෝගිතාවයක් ගොඩ නැගී ඇති බවත් චීන තානාපති චේන්ග් එක්සිව්යුවෑන් (Cheng Xueyuan) මහතා පවසයි.

ඉදිරි කාලයේදී  ලංකාව සහ චීනය අතර මනා අවබෝධයකින් යුතුව රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇති බව තම විශ්වාසය බව ද චීන තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ චිනය අතර තානාපති සම්බන්ධතා ඇති වී වසර 62 ක් සපිරීම නිමිත්තෙන් චීන තානාපතිවරයා මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමට ඊයේ (6)  පැමිණ තිබුනි.

එම අවස්ථාවේදී තානාපතිවරයා මේ අදහස් ප්‍රකාශ කරන ලදී.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *