අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස මුල

Share Button

ශ්‍රී ලාංකීය ගොවි ජනතාව නෙලා ගත් මහ කන්නයේ අස්වැන්නෙහි අග්‍රකොටස බුදුරජාණන් වහන්සේ වෙත පූජා කිරීමේ ඓතිහාසික උත්සවය , “අලුත් සහල් මංගල්‍යය” 2019 අප්‍රේල් මස 06 සහ 07 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් අටමස්ථානාධිපති අතිපුජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ මූලිකත්වයෙන් පසුගියදා පැවැත්විණි.

අටමස්ථානාධිපති හිමියන්ගේ පූර්ණ ආශිර්වාදය මේ සඳහා ලැබෙන බව සහ මෙවර අලුත් සහල් මංගල්‍යය සඳහා ඒ ඒ දිස්ත්‍රික්කයන් නියෝජනය වන පරිදි සංස්කෘතිකාංග එක් කළ යුතු බව එම රැස්වීමේදී සාකච්ඡා  කළ බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එම්.බී.වීරසේකර මහතා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් කීප දෙනෙක් සම්බන්ධ විය.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *