මෙරට අලෙවි කරන කිරි සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහතිකයක්

Share Button

ළදරු කිරිපිටි ඇතුඑ වෙළෙඳපලේ ඇති සෙසු කිරිපිටිවල සෞඛ්‍ය ආරක්ෂණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වගකීම දරණ බව එම අමාත්‍යාංශයේ පරිසර සහ ආහාර ස්වස්ථතා වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සපුමල් ධනපාල මහතා පවසයි. අලෙවියට තබා ඇති කිරිපිටි මෙන්ම ආනයනික කිරිපිටිවල කිසිඳු තෙල් වර්ගයක් හෝ විෂබීජයක් නොමැති බව හෙතෙම අවධාරණය කරයි. එම කිරිපිටි වර්ග මෙරටේදී පුර්ණ පරික්ෂාවකට ලක්කර තිබේ. ඔස්ට්‍රේලියාව. නවසිලන්තය. යුරෝපය හෝ අමෙරිකාවෙන් කිරිපිටි ආනයනය කිරිමේදි අදාල සමාගම් කිරිපිටිවල සෞඛ්‍ය ආරක්ෂණ තත්ත්වය පිළිබඳ පුර්ණ සහතිකයක් ලබා දෙයි. එම රටවල නවීන රසායනාගාරවල ඒ සම්බන්ධ පරික්ෂණ කර ඇත. මෙරටේදී ද ප්‍රමිති කාර්යංශය පරික්ෂණ සිදුකරයි. කලින් කල ජනතාව නොමග යවන මෙවැනි ප්‍රකාශ විවිධ පුද්ගලයින් සිදුකරන බවත් ඒවායේ සත්‍යතාවක් නොමැති බවත් ඔහු පවසයි. යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට වෙළෙඳපලේ ඇති කිරිපිටි සම්බන්ධව සැකයක් පවතී නම් ඒ පිළිබඳව පරික්ෂණ ආයතනයකට ගොස් සනාථ කරගත හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *