ශ්‍රී ලංකන් හා මිහින්ලංකා ගුවන් සමාගම්වල අක්‍රමිකතා සොයන පරීක්ෂණ කොමිසමේ කාලය දීර්ඝ කෙරේ

Share Button

ශ්‍රී ලංකන් හා මිහින්ලංකා ගුවන් සමාගම් වල සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ කාලය ලබන මැයි මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ (07) දින නිකුත් කර තිබේ.

ජනාධිපති අනුමැතියෙන් කිහිප වරක් ම දීර්ඝ කරන ලද එම කොමිසමේ මෙවර නිළ කාලය 2019 වසරේ පෙබරවාරි 15 වෙනිදා අවසන් වීමට නියමිතව තිබුණි.

අදාළ අක්‍රමිකතා සොයා බැලීම සඳහා 2018 වසරේ ජනවාරි මස 31 වැනි දින ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත් කරන ලදී.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *