මත්ද්‍රව්‍ය මැඩලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය ඉටුකරන මෙහෙවර අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට

Share Button

මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත අපරාධ මැඩලීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය ඉටුකරන මෙහෙවර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගයීමට ලක්වෙයි.

ඒ බව සදහන් කරමින් අග්‍රාමාත්‍යවරයා , එම බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් මහතාට ප්‍රශංසාත්මක ලිපියක් යොමුකර තිබේ.

මත්ද්‍රව්‍ය උවදුර හා මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ රටින් තුරන් කිරීම සදහා එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී විශේෂ කාර්යසාධක බලකාය පසුගියදා අත්කරගත් ජයග්‍රහණ පැසසුම් සහගත බව අගමැතිවරයා ලිපියේ සඳහන් කර ඇත. තවද එම විමර්ෂණ මෙහෙයුම්වලට දායකවු සියලු නිලධාරින්ට එතුමා සිය ප්‍රශංසාව පළකරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *