මොහාන් සිල්වා සහ රවීන් වික්‍රමරත්නට ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව අහිමි වෙයි

Share Button

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වු මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරුන්ගේ නාමයෝජනා අභියාචනා කමිටුව ප්‍රතික්ෂේප කර තිබේ. නිලවරණ අභියාචනා කමිටුව නිලවරණයට ඉදිරිපත්වීම සදහා සුදුසු හා නුසුදුසු නාමයෝජනා පිළිබඳව ක්‍රිඩා අමාත්‍යංශයට නිර්දේශ ලබාදී ඇත.

ඒ අනුව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා ගත් තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරි ඩබ්ලිව්. චුලානන්ද පෙරේරා මහතාට ලබාදී ඇත. මෙම නිලවරණය සදහා ඉදිරිපත්වී සිටි අයඳුම්කරුවන් 06 දෙනෙකුට විරෝධතා ඉදිරිපත් කර තිබුනි. ඒ සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගෙන් යුත් කමිටුවක් අධ්‍යයනය කළේය. විරෝධතා ඉදිරිපත්වී තිබු ජයන්ත ධර්මදසා. ෂම්මි සිල්වා . බන්දුල දිසානායක සහ ලලිත් රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ විරෝධතා ප්‍රතික්ෂේප කොට ඔවුන් නිලවරණය සදහා සුදුසු බව නිරදේශ කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *