ජපානයේ ටෝකියෝ ඇතුථ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ අධික හිම පතනයක්

Share Button

ජපානයේ ටෝකියෝ සහ කැන්ටෝ ඇතුථ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ අධික හිම පතනයක් අපේක්ෂා කරන බව එරට කාලගුණ ආයතනය පවසයි. ඒ සදහා සුදානමින් සිටින ලෙස එම ආයතනය ජනතාවට දැනුම් දී තිබේ. ටෝකියෝ නගරයේ කදු ආශ්‍රිත ප්‍රදේශ වලට ද අධික හිමපතනයක් අපේක්ෂා කෙරේ. ටෝකියෝ හි හනේඩා සහ නරිටා ගුවන්තොටුපලවල ගුවන් ගමන් වාර සියයයක් පමණ අවලංගු කර ඇත.
====
ස්පාඤ්ඤයේ සිදුවු දුම්රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 95 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. ඔවුන්ගෙන් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දුම්රිය දෙකක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

=============

ඇමරිකානු-උතුරු කොරියානු නායකයන්ගේ දෙවැනි හමුව වෙනුවෙන් සුදානම් වීම පිළිබදව සොයා බැලීම සදහා පියොන්යැන්ග් වෙත ගිය ඇමරිකානු නියෝජිතයා යලි සිය රට බලා පිටත්ව ගොස් තිබේ. විශේෂ නියෝජිත ස්ටීවන් බිීගන් මහතා දින තුනක කාලයක් පියොන්යැන්ග් හි ගත කර ඇත. වියට්නාමයේ හැනෝයි හි දී ලබන 27 සහ 28 දිනවලදී නායක හමුව සිදුවේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සදහන් කළේ මෙම හමුවේදී තවදුරටත් සාමය සදහා අවස්ථාව උදාවනු ඇති බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *