පුද්ගලයෝ සිය දෙනෙකුගෙන් එක් අයෙකු අපස්මාර රෝගියෙක්

Share Button

ලෝක අපස්මාර දිනය වෙනුවෙන් පැවැත්වෙන ජාතික උත්සවය කොළඹ ජාතික රෝහලේ අපස්මාර ඒකකයේදි ලබන සදුදා පැවැත්වෙයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කරයි.

අපස්මාරය යනු බහුලව දැකිය හැකි ස්නායු රෝගයකි. පර්යේෂණ වලින් හෙලිවි ඇත්තේ පුද්ගලයන් සිය දෙනෙකුගෙන් එක් අයෙකුට අපස්මාර රෝගය වැලදිය හැකි බවයි. මෙම රෝගය පිලිබද නොදැනුවත්කම නිසා ජනතාව දැඩිලෙස අපහසුතාවයට පත්ව තිබේ.

රෝගි තත්ත්වය කලින් හදුනාගත හැක. අපස්මාර රෝගය ශ්‍රි ලංකාවෙන් තුරන් කිරිම සදහා අපස්මාරය වැලැක්විමේ සංගමය හා සෞඛ්‍ය අමාත්‍යංශය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *