එක්සත් ජාතික පෙරමුණේ පළමු රැස්විම මැයි 01 – අගමැති

Share Button

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් සැකසෙන ඒකාබද්ධ දේශපාලන යාන්ත්‍රණයේ පලමු රැස්විම මැයි මස 01 වැනිදා පවත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ගාල්ල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති උත්සවයකට සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවසිය.

ඉකුත් ඔක්තෝම්බර් මාසයේ 26 වැනිදා මෙරට ඇතිවු දේශපාලන කුමන්ත්‍රණය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඓතිහාසික තින්දුව හේතුවෙන් අධිකරණ පද්ධතිය ජාත්‍යන්තර කිර්තියට පත්වු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. නියාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවයට එක්වෙමින් හෙතෙම මේ බව පැවසිය.

වර්තමානයේදි ඇතැම්හු ගරු අධිකරණයට හා විනිශ්චයකාරතුමන්ලාට මඩගැසිමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරති. එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුරවැසියන්ගේ අප්‍රසාදයට හේතුවන බව අග්‍රාමාත්‍යවරයා අවධාරනය කලේය. දේශපාලන කුමන්ත්‍රණය පරාජය කරන්නට හැකිවුයේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙනි.

එමගින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වි තිබේ. ඓතිහාසික තින්දුව ලබාදුන් විනිසුරුතුමන්ලා ජාත්‍යන්තර කිර්තියට පවා ලක්ව ඇති බව අග්‍රාමාත්‍යවරයා පැවසිය. ඉන්දියාව . පාකිස්ථානය. වැනි රටවල් එම ඓතිහාසික තින්දුව අධ්‍යයනය කරමින් සිටි. එය රටට ගෞරවයක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇති පක්ෂයට අග්‍රාමාත්‍ය ධුරය හිමිවෙයි. ඒ අනුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තින්දු ප්‍රකාරව ප්‍රජාතන්ත්‍රවාදි රජයක් යලි පිහිටුවිමට හැකිවු බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *