නිති විරෝධි මත්පැන් ජාවාරම මැඩලිමට නව චක්‍රලේඛයක් – ජනාධිපති

Share Button

තම බල ප්‍රදේශය තුල නීතිවිරෝධි මත්පැන් ජාවාරම් සිදුවන්නේ නම්. අදාල පොලිස් ස්ථානාධිපතිවරයා සහ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එහි සම්පුර්ණ වගකිම භාරගත යුතු බවට නව චක්‍රලේඛයක් ලබන සතියේදි නිකුත් කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි.

පොළොන්නරුව නව නගරයේ වාරිමාර්ග ක්‍රිඩාංගනයේදි ඊයේ පස්වරුවේ පැවැති වැඩසටහනකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසිය..ග්‍රාමීය දරිද්‍රතාවය ඉහල යාමට මුලික හේතුවක් වි ඇති නිීතිවිරෝධි මත්පැන් සහමුලින්ම තුරන් කිරිමට අවශ්‍ය වැඩපිලිවෙල ද ඉදිරියේදි ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා මෙහිදි පැවසිය .

ජනතාව දුගීබවෙන් මුදාගෙන ඔවුන් ආර්ථික වශයෙන් නගා සිටුවිමේ වැඩපිලිවෙල රජය දියත් කර තිබේ. එහි ප්‍රතිලාභ උපරිමයෙන් ලබාගැනිම ජනතාවගේ වගකිමයි. යහපත් පවුල් ජිවිතයක්. යහපත් සමාජයක් මෙන්ම දැයේ දරුවන්ගේ අනාගතය ද අදුරු කරන නිීතිවිරෝධි මත්පැන් වලට එරෙහි වැඩපිලිවෙල රටේත් දරුවන්ගේත් අනාගතය වෙනුවෙන් තම ධුර කාලය තුල සාර්ථකව අවසන් කරන බව ජනාධිපතිතුමා අවධාරනය කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *