මදුෂ් ඇතුලු 31 දෙනා ඩුබායි අධිකරණයට

Share Button

ඩුබායි හිදි අත්අඩංගුවට පත් අපරාධ කල්ලි නායක මාකදුරේ මදුෂ් ඇතුලු පිරිස අද එරට අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙති. මාකදුරේ මදුෂ් ඇතුලු 31 දෙනෙකු මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ. ඉකුත් 5 වැනිදා අලුයම ඩුබායි හි සුපිරි හෝටලයක පැවැති සාදයක් අතරතුර මෙම පිරිස පොලිසියේ අත්අඩංගුවට පත්වුහ.

ඔවුන් නිතිවිරෝධි මත්ද්‍රව්‍ය භාවිත කර ඇද්ද යන්න පිලිබදව සිදුකල රුධිර පරික්ෂණ වලදි 31 දෙනෙකු එවැනි මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව තහවුරු වි තිබේ. එම පිරිස අද ඩුබායි අධිකරණයට ඉදිරිපත් කෙරෙන්නේ නිතිවිරෝධි මත්ද්‍රව්‍ය ලග තබා ගැනිම හෝ භාවිතය යන චෝදනා මතයි.

මාකදුරේ මදුෂ් ඇතුලු එම පිරිස ශ්‍රි ලංකාවට ගෙන්වා ගැනිම සම්බන්ධයෙන් එරට බලධාරින් සමග සිදුකල සාකච්ඡා මෙතෙක් සාර්ථක වි නැතැයි ආරක්ෂක අංශ අනාවරණ කරයි. ඒ අතර මාකදුරේ මදුෂ් සමග කටයුතු කල තවත් සමීපතමයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පදලංගල සහ තංගල්ල ප්‍රදේශ වලදි ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. ටි 56 යේ ගිනි අවියක් මෙන්ම නිතිවිරෝධි මත්ද්‍රව්‍ය ඔවුන් සතුව තිබි හමුවු බව පොලිසිය කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *