නීති විරෝධී මත්පැන් විෂ වීමෙන් වැසියන් 97 ක් ජීවිතක්ෂයට

Share Button

නීති විරෝධී මත්පැන් විෂ වීමෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ සහ උත්තර්ඛාන්ද් ප්‍රාන්තවල පුද්ගලයෝ 97 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. මෙලෙස මත්පැන් විෂ වී මරණයට පත්ව ඇත්තේ පසුගිය 7 වෙනිදා අවමංගල උත්සවයකට සහභාගි වූ පිරිසකි.

ඒ අතරින් පළමු මරණය වාර්තා වී ඇත්තේ පසුගිය සිකුරාදා ය. අනතුරුව මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී තිබේ. අනතුරුව නීති විරෝධී මත්පැනි ලීටර් දස දහසකට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයන් දෙසීය දෙනෙකු පමණ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *