සුළඟේ වේගය වැඩි වීමක්

Share Button

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉදිරි දින කිහිපයේදී (විශේෂයෙන් අද රාත්‍රි සිට 13 දක්වා) වැඩිවීමක් බලාපොරොත්තුවේ.

දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතියි.
නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉදිරි දින කිහිපයේදී (විශේෂයෙන් අද රාත්‍රි සිට 13 දක්වා) වැඩිවීමක් බලාපොරොත්තුවේ.

හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇති විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 පමණ වේ.

මන්නාරම සිට කොළඹ සහ පුත්තලම හරහා බලපිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-65 පමණ දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *