මාකඳුරේ මඳූෂ් ගේ තවත් සමීපතමයන් දෙදෙනෙක් අත් අඩංගුවට

Share Button

මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන ප්‍රධාන පෙළේ පාතාල නායකයෙකු ලෙස හඳුනා ගත් ‘අංගොඩ ලොක්කා’ හෙවත් මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා අත් අඩංගුවට ගෙන ඇත.

ඩුබායි පොලීසිය විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව පසුගිය පෙබරවාරි 6 වන දින ඔහු අත් අඩංගුවට ගන්නා ලදී.

මත්ද්‍රව්‍ය ජාවාරම් වලට මෙන්ම , මනුෂ්‍ය ඝාතන ඇතුළු ප්‍රමුඛ පෙළේ අපරාධ රැසකට එරෙහිව ඔහුට චෝදනා ගොනු වී තිබෙන බව පොලීසිය අනාවරණය කරයි.

මේ අතර මෙරට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කරන ලද සෝදීසි මෙහෙයුමකදී මට්ටක්කුළිය ප්‍රදේශයේ දී මදූෂ්ගේ තවත් සමීපතමයෙකු වන පාතාළ නායක අන්දරවත්තේ චාමර නැමැති පුද්ගලයාව ද ඊයේ (10 ) අත් අඩංගුවට ගෙන තිබේ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *