වතු කම්කරුවන් සඳහා පොදු පහසුකම් සපිරි නිවාස 47 ක්
වතු කම්කරුවන් වෙනුවෙන් පොදු පහසුකම් සහිත නිවාස 47 ක් ඉදිකිරීමට කටයුතු සැලසුම් කර ඇති බව ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා , සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
එමෙන්ම වතු කම්කරුවන්ගේ ප්‍රශ්න පිළිබඳ කරුණු සොයා බැලූ අමාත්‍යවරයා සඳහන් කළේ , ඔවුන්ගේ රැකියා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවය .
අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අවිස්සාවේල්ල පෙන්දිරිත්වත්ත නිවාස සැලසුම පිළිබඳ අදාළ බලධාරීන් සමඟ කළ සාකච්ඡාව එක් වෙමිනි.