ශ්‍රි ලංකාවේ තේ සදහා ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහනක්

Share Button

ශ්‍රි ලංකාවේ තේ සදහා ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහනක් ඉදිරි මාස තුන ඇතුළත ආරම්භ කරන බව ශ්‍රි ලංකා තේ මණ්ඩලයේ සභාපති ලුසිල් විජේවර්ධන මහතා පවසයි.

චීනය, ජපානය, රුසියාව , ජර්මනිය, අමෙරිකා එක්සත් ජනපදය , යුක්රේනය හා ඔස්ට්‍රේලියාව ඉලක්ක කර මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ .

මේ  සදහා රුපියල් බිලියන 02 යි දශම 5 ක මුදලක් වෙන් කර ඇතැයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සාමාන්‍ය ප්‍රචාරක ක්‍රමවේද වලින් ඔබ්බට ගොස් ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාවට නැංවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *