කලපු ආශ්‍රිත ධිවර කර්මාන්තය නගා සිටුවිමට නව වැඩපිලිවෙලක්

Share Button

ලපු ආශ්‍රිත ධිවර කර්මාන්තය නගා සිටුවිමට නව වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

ලංකාවේ සියලු කලපු ආශ්‍රිතව සංවර්ධන සංග්‍රාමයක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

කලපු ධිවර රැකියාවේ නිරත වන ධිවර ජනතාවට වැඩි මත්ස්‍ය අස්වැන්නක් නෙලා ගැනීමට අවස්ථාවක් ලබා දී  ඒ ඔස්සේ  ඔවුන්ට වැඩි ආදායමක් උපයා ගැනිමට මඟ විවර කර දීම නව වැඩපිලිවෙලේ අරමුණ බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

සිදුකරන සියළු සංවර්ධන කටයුතු පරිසර හිතකාමි ලෙස මෙන්ම ධිවර කර්මාන්තය රැකෙන පරිදි පවත්වා ගෙන යෑම වැඩසටහනේ දැක්ම වී තිබේ.

මිගමුව , දුව පිටිපන ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *