ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලිම් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කරයි

Share Button

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමට අදාල නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලිම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය. සම්පත් අබේකෝන්. සම්පත් විජයරත්න හා චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම නියෝගය කළහ .

පසුගිය රජය සමයේ මැදමුලන විරකැටිය ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදි රුපියල් තුන්කෝටි හතලිස් ලක්ෂයකට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නිතිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුඵ හත්දෙනෙකුට එරෙහිව එම නඩුව ගොනුකර තිබිණි.

මෙම නඩුව පසුගියදා විභාගයට ගත් අවස්ථාවේ මුලික විරෝධතා මතුකළ විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා ඇතුඵ් විත්ති පාර්ශ්වයේ නිතිඥවරු ව්‍යවස්ථාදායකය. මෙම විශේෂ මහාධිකරණය ස්ථාපිත කළේ බරපතල ආර්ථික හා මුල්‍ය වැරදි පිළිබඳ නඩු විභාග කිරිමට බැවින් මෙම නඩුව විභාග කිරිමට එම අධිකරණයට බලයක් නැතැයි සදහන් කළද මෙම නඩුව සාමාන්‍ය මහාධිකරණයට යොමු කළ යුතු බව පැවසු විත්තියේ නිතිඥවරු මෙම විරෝධතා පිළිගෙන නඩුව ප්‍රතික්ෂේප කර විත්තිකරුවන් නිදහස් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

මෙම නඩුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේදි විභාග කිරිමට බලයක් ඇත්ද යන්න අද ප්‍රකාශ කරන බව එම මහාධිකරණය පසුගිය මස 31 වැනිදා සදහන් කළේය . තීරණය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා පැවසුවේ අගවිනිසුරුවරයා කළ විධානයකට අනුව මෙම නඩු විභාගය පැවැත්වෙන බවයි .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *