ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල අද

Share Button

ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 6.00 ට නෙඵම්පොකුණ රගහලේ දි පැවැත්වේ. 1925 වසරේ දෙසැම්බර් 16 වැනිදා ආරම්භ කළ ශ්‍රි ලාංකේය ගුවන්විදුලියට මේ වනවිට වසර 93 ක් සපිරෙයි.

දශක 09 ක් පුරා එමගින් රටට සිදු වු මෙහෙය අපමණය .ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලක් ප්‍රථම වරට පැවැත්වුණේ 2017 වසරේ පෙබරවාරි 13 වැනිදායි. ලෝක ගුවන්විදුලි දිනයට සමගාමිව එය පැවැත්විණි. ලාංකේය ගුවන්විදුලි ඉතිහාසය තුළ සිදු කෙරුණු දැවැන්තම මාධ්‍ය මංගල්‍යය එය බව ගුවන්විදුලි රාජ්‍ය උපදේශක සභාවේ සභාපති මහාචාර්ය සේන නානායක්කාර මහතා පැවසිය.

ගුවන්විදුලි මාධ්‍යවේදින්ගේ දක්ෂතා ඇගයිම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණයි. දිර්ඝකාලයක් පුරා මාධ්‍ය වෙනුවෙන් කැප වු පුරෝගාමින්ට ඇගයිමද උළෙලේ දි සිදුවේ. ඒ අනුව නන්දා ජයමාන්න. අරුන්දතී ශ්‍රි රංගනාදන්. නිහාල් භාරති යන මහත්ම මහත්මිහු විශිෂ්ට ප්‍රතිභා ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලබති.

ශ්‍රි ලංකා කලා මණ්ඩලය . ගුවන් විදුලි රාජ්‍ය උපදේශක සභාව හා ජුරි මණ්ඩලයක් සම්මාන උළෙලේ විනිශ්චය කටයුතු සිදු කරයි. නිවාස. ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මුලිකත්වයෙන් උළෙල සංවිධාන කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *