පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පැවරීමේ සුදානමක්

Share Button

පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගම මහතාට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නඩු පැවරීම සදහා කරුණු අධ්‍යයනය කරමින් සිටින බව අල්ලස් කොමිසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ දැනුම් දුන්නේය. ඉකුත් ජනාධිපතිවරණය සමයේ ක්‍රිඩා සංගම් අතර බෙදාහැරීම සදහා කැරම් බෝඩ් සහ දාම් ලෑලි මිලදී ගැනීම මගින් රුපියල් කෝටි 50 කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව පවසමින් අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *