නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් ද අපරාධකරුවන් සමග අත්අඩංගුවට පත්වීම ඛේදනීය තත්ත්වයක් බව අධිකරණ ඇමති පෙන්වා දෙයි.

Share Button

අපරාධකරුවන් සමග බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඩුබායි හිදි අත්අඩංගුවට පත්වීම ඛේදනීය කරුණක් බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය. රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ඇය මේ බව කීවාය. 2014 වනවිට ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබිණි. එම තත්වය වර්තමානයේදී පාලනය කිරීමට හැකිව තිබේ. පසුගිය කාලයේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ව්‍යාපාරවල යෙදුනු අයට ද සාම විනිසුරු පදවි ලබාදී ඇතැයි ඇය කියයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදීම සම්බන්ධයෙන් දැන් කථාබහක් ඇතිවී තිබේ. 1976 දී චන්ද්‍රපාල නැමැති පුද්ගලයා එල්ලා මැරීමෙන් පසු ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නීතිය සමග එල්ලා නොමරන බවට එකගතාවක් ඇතිකර තිබෙන බව ඇමතිවරිය කීවාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *