උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගනක ලගදීම

Share Button

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගනක ලබාදීම සදහා දිපව්‍යාප්තව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කරයි. අදාල ව්‍යාපෘතිය උසස් පෙළ සිසුන් ඉලක්ක කර ගනිමින් නියමු ව්‍යපෘතියක් ලෙස එක ඒ බී සියලු පාසල්වල ක්‍රියාත්මක කෙරේ. ඒ සදහා අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එකගතාව පළවී ඇත. මාස තුනකට පසුව දිවයිනේ සියලු උසස් පෙළ දරුවන් ඉලක්ක කර ගනිමින් වැඩපිලිවෙල දියත් කෙරේ. ටැබ් පරිගනක ලබාදීමේ සමස්ත සැලසුම හා නියමු ව්‍යාපෘතිය පිළිබඳව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *