ඖෂධ හිඟය අවසන් කිරීමට පියවර

Share Button

මාර්තු මස අවසන් විමට ප්‍රථම රට තුළ මතුව තිබෙන ඖෂධ හිඟය විසදන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ වන විට ශ්‍රව්‍යාබාධිත දරුවන් වෙනුවෙන් විශේෂ සැත්කම් රජයේ රෝහල්වල ආරම්භ කර තිබෙන බව පවසන අමාත්‍යවරයා පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ අවස්ථා 3 කදී ගුවන් මගින් දිවයිනට ගෙන්වා ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

දැනට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 73 ක මිල අඩුකර තිබේ. අමාත්‍යවරයා පවසන පරිදි තවත් ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමට කටයුතු සම්පාදනය කර ඇත.

පානදුර ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගීවෙමින් හෙතෙම මේ බව පැවසීය.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *