උතුරේ ජල ගැටඑවට කඩිනම් විසඳුම්

Share Button

උතුරේ ජනතාවගේ දුගිභාවය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති ජල ගැටඑවට කඩිනම් විසඳුම් ලබා දිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් එම ප්‍රදේශවල ජනතාවට තම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම් නිසිලෙස සම්පාදනය කළ හොත් සෙසු සංවර්ධන ගැටඑවලට ද එමගින් විසඳුම් ලැබෙන බව ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

එතුමා මේ අදහස් පළ කළේ , උතුරු පළාත සඳහා යෝජිත ජල ව්‍යාපෘතිය ආශ්‍රිත ප්‍රගතිය සමාලෝචනය කිරිම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (13) පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව 2020 වසරේ දි ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘යාපනයට ගගක් ව්‍යාපෘතිය’ පිළිබඳව මෙන්ම ජයිකා ආධාර යටතේ සිදුකෙරෙන ‘එල්ලංගා පද්ධති සංවර්ධන ව්‍යාපෘතිය’ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා  කරන ලදී .

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *