කොළඹ ප්රදේශ කීපයකට ජල කප්පාදුවක්
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (13) පෙරවරු 08.00 සිට හෙට (14) පෙරවරු 05.00 දක්වා කොළඹ අවට ප්රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවේ.