අපස්මාර රෝගීන් ප්‍රතිකාර සදහා යොමු කිරීමේ අවශ්‍යතාව වෛද්‍යවරු පෙන්වා දෙති

Share Button

අපස්මාර රෝගය මැඩපැවැත්විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ සදහා බහු විෂය පිවිසුමකින් කටයුතු කිරීමේ විශේෂ වෛද්‍යවරුන් ඇතුඵ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් පවතින අතර ස්නායු විශේෂඥවරුන් මෙන්ම ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් ද අවශ්‍ය පරිදි රාජකාරී කටයුතු වල නිරත වී සිටිති.

සියලුම පහසුකම් වලින් සමන්විත අපස්මාර මධ්‍යස්ථානයක් ජාතික රෝහල සතු වෙයි. එය දකුණු ආසියාවේ ඉහලම පහසුකම්වලින් යුක්ත වුවකි.

අපස්මාරය පිළිබඳව පවතින මිත්‍යා මත බැහැර කර රෝගීන් ප්‍රතිකාර සදහා මෙම මධ්‍යස්ථානයට යොමු කිරීමට ජනතාව කටයුතු කළ යුතුය.

අපස්මාර රෝගීහු 6 දෙනෙක් මෙම මධ්‍යස්ථානයේ ශල්‍යකර්ම සදහා යොමු කර සිටිති. තවත් 25 දෙනෙකු ශල්‍යකර්ම සදහා යොමු කිරීමට නියමිත බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.

නව ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේදී මාධ්‍ය සතුව පවතින වගකීමද එතුමා මෙහිදී පෙන්වා දෙන ලදී.

කොළඹ ජාතික රෝහලේ අපස්මාර මධ්‍යස්ථානයේ පැවති ලෝක අපස්මාර දින ජාතික උත්සවයට ඊයේ (12) එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *