ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දකුණූ අප්‍රිකානු පලමු ඉණිම ලකුණු 235 කට සීමාවෙයි

Share Button

ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි .ඊයේ දිනය නිමාවන විට පලමු ඉණිම සදහා පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල එක් කඩුල්ලක් දැවී ලකුණු 49 ක් රැස් කළේය. ලහිරු තිරිමාන්න පළමු කඩුල්ල ලෙස ලකුණු නොලබා දැවී ගියේය. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිල පන්දු රැකීමට තීරණය කළේය. මුලින්ම පන්දුවට පහර දුන් දකුනු අප්‍රිකා පිල සිය පලමු ඉණිමේදී සියඵ දෙනා දැවී ලකුනු 235 ක් රැස් කළේය. ක්වින්ටන් දි කොක් දකුණු අප්‍රිකා පිල වෙනුවෙන් ලකුණු අසූවක් රැස් කළේය. විශ්ව ප්‍රනාන්දු ලකුණු 62 කට කඩුඵ 4 ක්ද කසුන් රජිත ලකුණු 68 කට කඩුඵ 3 ක්ද බිද හෙලීය. මේ වන විට ශ්‍රී ලංකා කන්ඩායම පන්දුවට පහර දෙමින් සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *