තේ කර්මාන්තය ආශ්‍රිත ගැටඵ විසදීමට ජනාධිපතිතුමාගෙන් කමිටුවක්

Share Button

තේ කර්මාන්තය ආශ්‍රිත ගැටඵ සොයා බලා විසදුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කමිටුවක් පත් කරයි. තේ කර්මාන්ත ශ්‍රමිකයින්ගේ වැටුප් ගැටඵව සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම තීරණය ගෙන ඇත. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච් එම් පී හිටිසේකර. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ ඒ රංජිත් . කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ආර් පී ආර් රාජපක්ෂ . භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග . තේ මණ්ඩලයේ සභාපති ඩබ්ලිව් එල් පී විජේවර්ධන යන මහත්වරු ඇතුඵ පිරිසක් මෙම කමිටුවට ඇතුලත් වෙති. තේ අපනයනයේදී මතුව ඇති ගැටඵ සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණූ සාකච්ඡා කෙරිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *