යාපනයේ සංවර්ධනයට රජයේ වැඩි අවධානය.

Share Button

යාපනය සංවර්ධනය කිරිම වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව විශාල කැපවීමක් හා අවධානය යොමුකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එහි සියඵ සංවර්ධන කටයුතු සිදුකෙරෙන්නේ ප්‍රදේශයේ මන්ත්‍රිවරුන්ගේ අදහස් එකගතාවය සහ සම්බන්ධතාවය ඇතිව බව ඒ මහතා කියා සිටී. අද යාපනය කෝපායි නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතා අයිතියට පත්කිරිමේ අවස්ථාවට එක්වෙමින් වික්‍රමසිංහ මහතා මේ බව කීවේය.

ගොඩනැගිලි ලබාදීම මගින් සිදුකරනුයේ ජනතා සේවයට පහසුකම් පුඵල් කිරීමයි. තවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 3 ක් ඉදිකෙරෙමින් පවතින අතර තවත් 2 ක් විවෘත කිරීමට නියමිතව ඇත. කෝපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා රුපියල් මිලියන 40 ක් වැය කර තිබේ. යාපනය දිස්ත්‍රික්කයේ අලුතින් ඉදිකළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 6 ක් මේ වනවිට විවෘත කර ඇතැයි ඒ මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *